අපිට බොහෝ දේ මගහැරෙනවාද? මගහැර ගන්නවා ද? මේ ප්‍රශ්නය මම ඔබෙන් අහන්නෙ ඔබට හිතලා බලල උත්තරයක් දෙන්න.. ඒ උත්තරේ ඔබ දෙන්න කලින් මම ඔබට පුංචි කතාවක් කියන්නම්.. ඒ කතාව මෙන්න මෙහෙමයි…
එක්තරා දේශසීමාවක මුරපොළක් තිබුනා. ඒ මුරපොළ හරහා කපුටෙක්ටවත් එහා මෙහා යන්න බැරි ගානට තමයි ඉන්න සෙබලු හැසිරුනේ.. සතියකට වරක් දේශසීමාවේ එක පැත්තක ඉඳන් අනිත් පැත්තට මැදිවයසේ මනුස්සයෙක් බයිසිකලයක පිටුපස තියාගෙන තණකොල ගොනියක් රැගෙන යනවා.. සෙබලුන් තණකොල ගහක් ගානේ පරික්ෂා කරන්නෙ නීතී වීරෝධිව පුංචි හෝ දෙයක් ගෙනියනවා නම් අල්ලගන්න බලාගෙනයි… ඒත් කිසිම දවසක කිසිම නීතී විරෝධි දෙයක් මුරසෙබලුන්ට අහුවුනේ නැහැ.. මෙහෙම මේ මනුස්සයා අවුරැද්දක් විතර සතියට දවස ගානේ මුරපොළ හරහා ගියා.
ඊට පස්සෙ අර මනුස්සයාගේ ගමන නතර වුනා. ඊටත් වර්ෂ ගනකට පස්සෙ එක්තරා නගරයකදි අර මනුස්සයාව ඒ මුරපොළේ සෙබලෙක්ට හමුවෙනවා.. දෙන්නා මදුවිතෙන් එහෙම සප්පායම් වෙලා කතාවේ යෙදී ඉන්නකොට සෙබලා තමන්ගෙ හිතේ තියන ප්‍රශ්න අහනවා…
මට කියනවකෝ තමුසෙ මෙකද අර ඉස්සර සතියකට වරක් කිසි වැදගත්කමකට නැති තණකොල ගෝනියක් මුරපොළ හරහා අරගෙන ගියේ? ”

ඒකට අර මනුස්සයට හිනා යනවා සෙබලා අහනවා ඇයි කියලා… එතකොට අර මනුස්සයා මෙහෙම කියනවා.

”ඔයාට දැන් කිව්වට කමක් නැති හින්දා කියන්නම්.. ඔයාලා පණ දාගෙන චෙක් කරේ මගේ තණකොල ගොනිය විතරයි. කවදාවත් තණකොල ගෝනිය අරගෙන ගිය බයිසිකලේ චෙක් කලේ නෑ.. ඒ හින්දා සතියකට වරක් දේශසීමාව හරහා අලුත් බයිසිකලයක් අරගෙන ගියා… ”

ඒ කතාව ඇහුවම ඔබට මොකද්ද හිතෙන්නෙ අපට මගහැරෙනවාද? මගහැරගන්නවාද ? හොඳින් හිතන්න ඔබට යමක් වැටහේවි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here