අද බොරැ කිඹුල් කඳුළු හෙළමින් රැප පෙට්ටිය සිබිල් නැන්දට නිවන් සුව පතනවා. සිබිල් නැන්දාව නුතන ළමා පරපුරෙන් දැහැගත්තේ අන්න ඒ අය කිවොත් මම වැරදි නෑ කියලා හිතනවා. මම පොඩිකාලේ කියවන්න තියා පොතක් අල්ලපු කෙනෙක් නොවුන ද අපේ හිත හොරාගන්න සිබිල් නැන්දා ලස්සන රෑප මැව්වා. කියෙව්වෙ නැතත් අපි රෑප බැලුවා. අඳින්න ට්‍රයි කරා.. සමහර පොත්වල රෑප ඉරාගෙන ගෙදර ගෙනත් ඇඳලා තියනවා. මා විතරක් නොවේ ඒදා සමාජේ බොහො අය කව්ද මේවා අඳින්නේ කියන දේට වඩා සිබිල් නැන්දාගෙ රෑප වලටයි පෙම් කරේ. ඒත් වර්තමාන ළමා මනස ගැන හිතද්දිත් දුකයි, මලක් ඇන්දොත් ඒක යකේක් වගේ, අලියෙක් ඇන්දොත් කුහුබුවෙක් වගේ. තාත්තව අදින්න කිවම අත් දහයක් විතර තියන තමන්ගෙ හිතේ වීරයව අඳින්නේ. මුලා වුන ජිවිත බිහි වෙන්නෙ එක ද?. ළමයි හරි ඉක්මනින් තෘප්තිමත් වෙන්න හදනවා. එහෙම නොව්න ම කඩා වැටෙනවා. ජිවිතේ ගේම් එකක් තමයි නමුත් එයාලා හිතන් ඉන්නෙ ඒ අය ගහන විඩියෝ ගේම් එක වගෙ කියලා. වී ටික වපුරලා විනාඩියෙන් පළවෙනි අස්වැන්නත් ගන්නවා. මහා විශාල අධිරාජය වල පැයෙන් දෙකෙන් බලය පතුරනවා. කව්ද ඒ විකෘති හිත ඇති කරේ. නැන්දව පැත්තකින් තියමු. දැන් ළමයෙක් අලියෙක් අන්දම උ නිල් පාටයි. ඇයි මෙහෙම කඩේ තියන සෙල්ලන් බඩු ඒක ඒක පාට, ළමයාගේ ඔළුවේ තියෙන්නෙ ඒ අය දකින දේ, අහන දේ, මුදල් පරමාර්තකොට මේ විනාස කරන්නෙ රටේ අනාගතේ. දියුණුව අවශයයි. තාක්ෂනය අවශයයි. එත් දියුණුව කියනනේ ළමා මනස පිස්සුවක් වෙන එක නෙමේ… එදා හරි ලස්සන මල් හිමින් හිමින් පිපිලා මේ ලොකේටම සුවඳ දුන්නා. අද එදාට කලින් මල් පුප්පවලා ඉන් සමාජයේ සුවඳ නැති කරන්න එපා. සිබිල් නැනදේ නුබත් දෙනොදාහක් විකසිත මල් සුවඳ කරන්න ගොඩක් දේ කරපු කෙනෙක්. ඔබට නිවන් සුව.

– සමාජේ කැටේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here