වර්තමානයේ තාරුණ්‍යය කියන්නේ මාර රැඩිකල් වේදිකාවක්.. ඒ වේදිකාව උඩ දිගහැරෙන ජවනිකා එකකට එකක් හරිම පරස්පරයි . අද කාලේ සමාජය ඇතුලේ ඉන්න කොල්ලන්ගේ, කෙල්ලන්ගේ සිතුවිලි වුනත් සෑහෙන විවිධාකාරයි.. නිශ්චිත පිටපතක් ඇතුලෙ කොටු වෙන්න ඔවුන් කිසිසේත්ම කැමැත්තක් දක්වන්නේ නෑ. නමුත් සමාජයක රටක ශක්තිය ගැබ් වෙලා තියන්නේ ඒක ඇතුලේ සැරිසරන තාරුණ්‍යයේ මැදිහත්වීම මතයි. ඒත් ඒකට නියම වටිනාකමක් අපේ රටේ මේ කියන youth යූත් එකට ලැබිලා තියනවද කියල ලොකු ගැටලුවක් තියනවා. රටේ තාරුණ්‍යය මීට වඩා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරියට ඇවිත් හඩක් නැගිය යුතුයි.. තැටිය රත් වෙන වෙලාවට රොටිය පුච්චගන්න සමහර සමාජ නායකයින්, දේශපාලකයන් තරුණ හීන කුණු කොල්ලෙට මාර්කට් කරනවා.. ඔවුන්ගේ වටිනා අනාගතය නොයෙක් frame ප්‍රේම් ඇතුලේ හිරකරනවා. මේ සිස්ටම් එක වෙනස් කරන්න නම අපි හරි විදියට අප්ඩේට් වෙන්නම ඕනි.කල්පාන්තයේ හීන හොයන තාරුණ්‍යය කාගෙවත් මාර්කටින් මෙවලමක් විය යුතු නෑ.. විය යුත්තේ සීමාව දැනගෙන අපි අපිව හරිවිදියට මාර්කට් කරගැනීමයි. මෙවැනි වකවානුවක ඒක හරියටම යූස් කරන අය තමයි සමාජය වෙනස් කරන්නේ..
එක් එක් අන්තයන්ට අසු වී සමාජයට වැරදි ආකාරයේ මත දරන්නන් බිහිවීම අවම වීම නිසැකවම සිදුවිය යුත්තකි. රැඩිකල් මත දරන කෙල්ලෝ කොල්ලෝ මෙඩිකල් ගන්න තැනට වැටෙන්න ඕනි නෑ. විය යුත්තේ තම චින්තනය වැඩිකල් ගමනක් යන්න පුලුවන් අදහස් හා ක්‍රියාවලීන් සදහා යොමුකිරීමයි… අදට එච්චරයි… පහුවෙලා සෙට් වෙමු .. මීට සමාජෙන් සැපට බැට කාලා අද සමාජෙකටම ලියන හංසා…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here