සමාජය තුළ ප්‍රේම කරන උන්,ප්‍රේමයට වෛර කරන උන්,ප්‍රේමයට බය උන් සේම ප්‍රේමය සැක උන් බොහෝය. ” සැකය ” ප්‍රේමයට හරහට හිටින්නේම සැකයයි. මෝඩයන්ද වයසට යෑම හේතුවෙන් සෑම වැඩිහිටියෙකුගේම අදහස් ආදර්ශයට නොගත යුතුසේම ඉතිහාස කතා,අතීත සිදුවීම් සියල්ල වර්තමානයට එසේම විය යුතුය.එයම උකහාගත යුතුය’යන ආකල්පය බැහැර කළ යුතුය.අතීතය මතින් ගතයුතු දෑ පමණක් ගෙන අනාගතයට පාර සාදා ගැනීම උචිතය.

ප්‍රේමවන්ත මනමේ කුමරාගෙ කතාව සියල්ලන් පාහෙ දන්නා කතාවකි.කුමරා එතරම් පෙම්කළත් මනමේ කුමරියගේ සිත වහා දිවගියේ කඩවසම් වැද්දෙකුටය.එයින් පසු සිදුවූයේ මනමේ කුමරාගේ ජීවිතය විනාස වීමය.හිත් වෙනස් විය හැක.ස්වභාවය එයයි. නමුදු සැබැවින්ම වැදි රජු මුණගැසීමට පෙර සිට කුමරිය, කුමරාට නියත වශයෙන්ම ආදරය කළා නම් එය එසේ නොමවනු ඇත..

මේ කියන්නට යන්නේ වර්තමාන කුමර කුමරියන් ගැනය.පෙර කතාවේ පරිදිම කුමාරවරු මෙන් පිරිමි හැරදා වැද්දෙකුට බහ දෙන අය නැතුව නොවේ.වර්තමානයේ වන්නේ ඔවුන්ද මනමේ කුමරු මෙන් හඬා වැලපී අවසන සියදිවි නසාගෙන හෝ බේබද්දෙකු වී අනාගතය විනාස කරගැනීමයි..

හිතන්න ! අතීත කතාව අසා ඇති වේදිකා නාට්‍යයක දැක ඇති,මේ හා සමාන සිද්ධියක් දන්නා කුමරෙකුට සැබැවින්ම මනමේ කුමරියක් පෙම් කරයි නම්.. 🖤 කුමරුන් මේ කිසිත් නොසිතා සිටී නම් ආදරෙන් වෙලී සිටිය හැක..

එතරම් ආදරෙන් හිඳිද්දී පවා ඇසිපිය ගහන මොහොතට ” උඹ කා දිහාද බැලුවෙ ?? ” අසමින් පුපුරණ, මුණගැසීමට පරක්කු වන තප්පරයට ” මොකා එක්කද ගියේ ?? ” අසමින් බැණ වදින, නිවසේ වැඩක හිරවී සිටිද්දි එන දුරකථන ඇමතුමට පිළිතුරු දීමට නොහැකි වුවහොත් සුද්ද සිංහලෙන් අමතන අයෙකු සමඟ සතෙකුට හෝ ආදරණීය විය හැකිද ?? හදවතේ කිසිම වරදකාරී හැඟීමක් නොමැතිව නිරන්තරයෙන් සැකයට භාජනය වෙද්දී, හැඬූ කඳුලින්ම කල්ගෙවන්නට වෙද්දී ඕනෑම කුමරියකට පෙරදි තුන්හිතකවත් නොවුන ලෙස වැද්දෙකු නැතිනම් සිඟමන් යදින්නෙකු සමඟ හෝ යාමට නොසිතේවිද ??

ජීවත් වීමට මුදල් අවශ්‍යය.ආදරය අවශ්‍යය.ඒ හා සමානවම තමන්ගෙ මානසික නිදහස අත්‍යාවශ්‍යමය. ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොමැති අයෙකු හා සමඟ අහේතුකව වැරදි තුළ ගැලී සිටීමට කිසිවෙකුත් සූදානම් නැත.එහෙයින් මනමේ නොවූ මනමේ කුමරියන් මනමේ කුමරිය සේම ඔබව හැර යනු ඇත.. පසුව ගියේ ඇයගේ වරදින්‍ යැයි කීමට ඔබට අයිතියක් නැත.ඔබේ දුක ඔබම දරාගත යුතුය.කිසිත් නොදන්නා අවට මිතුරන් මනමේ කුමරියට බැන ඔබේ සිත සැනසූවත් ඔබේ හෘදසාක්ෂිය ඔබ මත වරද පටවනු අනිවාර්‍යය..
ඔබේ ආදරය හිමි ඇගේ සිත තුළ මනමේ කුමරාත්,වැදි රජුත් ඔබම නම් බිය සැක සංකා දුරු කොට ” මං ආදරෙයි ” කියන්න.. 🖤

කුමරිය හදවත ගලවා වුව ඔබට දෙනු ඇත !

Previous articleරැවටෙන හිත අපිම රවටා ගනිමුද?
Next articleසමාජේ ඇයි මෙහෙම සිබිල් නැන්දේ ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here